Tuesday, June 27, 2017

රටක් දියුණු කිරීමට නම් වෛද්‍ය වෘත්තිය, සම සෞඛ්‍ය වෘත්තිය ආදීවෘත්තීන් දියුණු කළ යුතුයි

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

(GossipCLanka) රටක් දියුණු කිරීමට නම් වෛද්‍ය වෘත්තිය, සම සෞඛ්‍ය වෘත්තිය ආදීවෘත්තීන් දියුණු කළ යුතුයි.එතුළින් රට යම් ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනසක් කරා ගමන් කරනවා. 
1957 මේ සේවය ආරම්භ වුණේ ඖෂධවේදීන් 5 දෙනකුගෙන්. අද ඖෂධවේදීන් 1,500ක් දක්වා ප්‍රසාරණය වෙලා තියෙනවා. ඒ රටේ පිළිගැනීමත් සමඟම. වෛද්‍යවරු හිපොක්‍රටීස් දිව්රුම් අනුව වැඩ කරන්නේ. හිපොක්‍රටීස් පවා ඖෂධවේදියෙක්. අද මේ රටේ ඖෂධවේදීන් එදාටත් වඩා ඉහළ මට්ටමකට ගමන් කරල තියෙනවා. මොකද දැන් ඖෂධවේදී උපාධිධාරීන් බිහි වෙනවා. 2002 රජය යටතේ ඉඩම් අමාත්‍ය ධුරය දරන කාලයේ සම සෞඛ්‍ය සේවයේ මහා වැඩවර්ජනයක් තිබුණා. මම ඒ අවස්ථාවේ කැබිනට් අනුකාරක සභාව නියෝජනය කළා. ඔවුන් ප්‍රකාශ කළේ "රුපියල් ශතවලට සටන් කරලා වැඩක් නැහැ. වෘත්තීය සමානාත්මතාවක් ඇතිකර ගත යුතුයි කියලා
මං ඉල්ලීමක් කළා විදේශීය රටවල තත්ත්වයට ළඟා වීමට සියලු ශ්‍රේණි වලට උපාධිය ලබාදෙන්න කියලා. එහි කෙටුම්පත් සකස් කරද්දී එදා රජය විසුරුවා හැරියා. නමුත් මං විපක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය දුන්නා සම්මත කරගන්න. මේ වනකොට කඩඉම් විශාල ගණනාවක් ඇවිත්. මේ වෘත්තීයවේදීන්ට මේවා ලබාදෙන කොට දූපත් මානසිකත්වයෙන් පෙළෙන අපේ රටේ සමහර වෛද්‍ය සංගම් විරෝධය පානවා.
අද වෛද්‍ය විද්‍යාව හදාරන්න අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමය. මේවට විරුද්ධ වුණා. අවුරුදු 4ක් එපා අවුරුදු 3ක් කරන්න කිව්වා. ලෝකේ හැම සම සෞඛ්‍ය සේවා උපාධියක්ම වසර 4යි. GMOA ළිං මැඩි දේශපාලනය හමුවේ මං තමුන්නාන්සේලා වෙනුවෙන් පෙනී සිටියා. අදටත් මහනුවර රෝහලේ මේ පාඨමාලාවන් හදාරන්න නොදී වෛද්‍යවරුන් කඩාකප්පල් කරනවා.
රටක් දියුණු කරන්න නම් මේ වෘත්තීන් දියුණු කළ යුතුයි. ඒ හරහා තමයි රටක ගුණාත්මක හා ව්‍යුහාත්මක වෙනසක් ඇතිවන්නේ. මේ වනකොට අප රජය විශාල වැඩකොටසක් ආරම්භ කරල තියෙනවා. බිලියන 12 1/2ක් වියදම් කරමින්, මහල් 17කින් සමන්විත හෙද පීඨයකට තව නොබෝ දිනකින් ජනපති අතින් මුල්ගල තියනවා. මෙය කොරියාවේ 'ඉංජේ' හෙද පීඨයට සමාන නවීනතම හෙද පීඨයක්.
ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සමඟ සාකච්ඡා කළා. එතුමා කැමැත්ත ප්‍රකාශ කළා. සම සෞඛ්‍ය පීඨයක් සහ ඖෂධවේදී පීඨයක් ඇති කරන්න. එමෙන්ම ඖෂධවේදී සභාව ඇති කරන්න කෙටුම්පත් ඉවර කළ හැටියෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සභාව මං අනුමත කර ගන්නවා. මේවා මේ යුගයේ අවසන් විය යුතුයි.
ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට දහදාහක් වැඩි කළා කියන්නේ අවුරුද්දකට එක්ලක්ෂ විසිදාහයි. ලංකාවේ කොයි රජයද මෙවැනි වැඩිවීමක් කළේ 2016 වසරේ ඉඳලා 2,500ක් වැටුපට අනුයුක්ත කරනවා කියලා කිව්වා. අපේ රටේ 2006 ට පස්සේ කිසිම රජයක් වැටුප් වැඩිවීමක් කරල නෑ. ඒත් සමඟ අතිකාල වැඩිවෙනවා, විශ්‍රාම වැඩිවෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවන්න මහාචාර්ය ගලප්පත්ති මහත්මිය මට විශාල සහයෝගයක් දුන්නා. එතුමිය දන්නවා මේ අධිකාරිය පිහිටුවන්න කොච්චර අමාරු වුණාද කියලා. මං මගේ බලය පාවිච්චි කරල තර්ජන කරල තමයි මේක පිහිටෙව්වේ. ඒ වෙද්දි මං දේශපාලන වශයෙන් ව්‍යාකූල තත්ත්වය හිටියේ.
නමුත් අපි ඒ අධිකාරිය පිහිටුවල නිකන් හිටියේ නෑ. විවිධ ප්‍රතිසංස්කරණ කළා. ඖෂධවේදීන් හා ඖෂධසල් හිමියන් ඇතුළු සියලුදෙනාම අපට සහාය දුන්නා. විශාල සමාගම් සහයෝග නොදුන්නට ඒ වෘත්තීය සමිති සියලුම සහයෝගය ලබාදුන්නා. අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල අඩුකළා. ලෝක සෞඛ්‍ය සංවිධානයම කියනවා ප්‍රතිශතයක් අඩු කරන්න එපා කියලා. කරපු හැම රටකම ඒ ක්‍රමවේදය අසාර්ථක වුණා. මොකද නියම වටිනාකම ඖෂධ ආනයනකරුවන් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මිල සූත්‍ර භාවිත කරල අපි ඒ දේ කළේ.
ව්‍යාපාර කළාට කමක් නැහැ. සාධාරණ සීමාවන් සහිතව. වෛද්‍ය ක්ෂේත්‍රය බිස්නස් එකක් විදියටම කරන්න බැහැ. අද බ්‍රිතාන්‍යයේ ඖෂධවේදීන්ට ඉඩදීල තියෙනවා සමහර ඖෂධ රෝගීන්ට නියම කිරීමට. දීර්ඝකාලීන රෝගවලට බෙහෙත් දුන්නට පස්සේ ඖෂධවේදියාට පුළුවන් දිගටම බෙහෙත් නියම කරන්න. ඒක තමයි ලෝක තත්ත්වය. අපි යන්න ඕන එතැනට. එහෙම නොයන රටවල ප්‍රගතියක් නැහැ.
ගෝලීයකරණය නරක නැහැ. එහි තිබෙන සමාජ සාධාරණත්වය රටවල ඇති කරන්න ඕනේ. ඒකම තමයි ලෙනින් ජාත්‍යන්තරවාදය කිව්වේ.

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Friday, June 16, 2017

පොල් මැල්ලුම් ඡානරයේ කථාවක් ලියන්න පුළුවන්ද?

සම්බෝල කෙටීම

ඔය එක එක විකාර ලිව්වට මට කවදාවත් ප්‍රබුද්ධ කථා නම් ලියන්න කිසිම හැකියාවක් නැහැ. ඒ ඔය ප්‍රබුද්ධ කථා ලියන අයගේ තියෙන ලැටරල් තින්කින්ග් එක මට බැරි නිසා වෙන්න ඇති මට තියෙන්නේ ලීනියර් හිතන ක්‍රමයක්. ඕකෙන් ගැලවෙන්න හිත හිතා හිටපු කාලෙක  අපේ ප්‍රවීණ බ්ලොග්කාරිණියකගෙ ප්‍රබුද්ධ මොඩල් එකේ කථාවක් කියවල මෙහෙම අදහසක් ආවා. ඒ තමයි පොල් මැල්ලුම් ඡානරයේ කථා ලිවීම. 

පොල් මැල්ලුම් ඡානරයේ කථා ලියන්නේ මෙහෙමයි

එකිනෙකට සම්බන්ධ නැති කෙටිම කෙටි කෙටිකථා තුනක් කලින් ලියන්න. ඒ සඳහා ඔබ දැනටමත් ප්‍රසිද්ධ කර ඇති කථා එකකුත් හෝ දෙක තුනකුත්  යොදාගත්තට කිසිම ප්‍රශ්ණයක් නැහැ. ඒ කථා තුන එකිනෙකට වෙනස් කථා තුනක් නම් වඩා හොඳයි. ඒ කියන්නේ ආදර කථාවක්, අතීතකාම කථාවක්, ත්‍රාසය, සත්‍ය කථාවක් වගේ වෙනස් කථා තුනක් ගන්න එක වඩාත්ම හොඳයි. එහෙම නොවුණත් ප්‍රශ්ණයක් නැහැ.

ඊලඟට එක කථාවක එක ඡේදයක් මැල්ලුම් කථාවට කට් පේස්ට් කරන්න. දෙවෙනි ඡේදය හැටියට අර තුනෙන් වෙන කථාවකින් ඡේදයක් කට් පේස්ට් කරන්න. ඊලඟ ඡේදයට තව කථාවකින් ඡේදයක් දෙකක් ආදී වශයෙන් කට් පේස්ට් කරමින් මේ කථා තුන එක මැල්ලුම් කථාවකට හොඳට අනන්න. මැල්ලුම් වගේම අනන තරමට තමයිළු රස. පොල් මැල්ලුම හොඳට ඇනුවම පොල් කොටස මුල ඉඳලම ඒ පාටට, ඒ රසට තිබුණ වගේ පේනවනෙ. ඒ නිසා හොඳට ඇනීම තමයි මේ තියෙන්නේ කථා තුනක් නොව එක කථාවක් කියල කියවන්නා හිතන්නේ. 

මේ අවස්ථාවෙදී හෝ කථා තුන ලියන මුල් අවස්ථාවෙදී කථා තුනම සම්බන්ධ කරන දෙයක් පාවිච්චි කළොත් මැල්ලුමට හොඳට දෙහි දැම්ම වගේ තමයි. ඒ කියන්නේ මුලින් ලියපු කථා තුනේම එක පොදු ස්ථානයක් එකතු කිරීම. ඒ කියන්නේ ඒ තුනේම විහාර මහා දේවී පාක් එකේ යමක් වෙනවා. එහෙම නැත්නම් කථා තුනේම කථා නායකයා හෝ එක චරිතයක් එකම නමකින් ඉන්න එකම කෙනෙක් ආදී වශයෙන්. එහෙම නැත්නම් කථා තුනේම එක වෙලාවක වෙන එක සිද්ධියක් පොදු කරන්න. උදාහරණයකට බෝම්බ පිපිරීමක් වගේ.  එහෙම නැත්නම් එක කථාවක කෙනෙක් සිගරට් එකක් බීල විසිකරණකොට ඒක අනික් කථාවේ චරිතයේ ඔඩොක්කුවට වැටිල ගිණිගන්නව වගේ දෙයක්. 

අන්තිමට මොනවහරි හිතට එන දාර්ශණික වචන ටිකක් හරි පාඨයක් ලියල මැල්ලුම සෑදීම ඉවර කරන්න. ඒක අවශ්‍යමත් නැහැ. නමුත් කථාව ඉවර කරන විදිහත් සාර්ථකත්වයට බලපානව නේ. 

ඔව් ඔව් දුමී මේ ක්‍රමයට 'ප්‍රබුද්ධ' කවිත් ලියන්න පුළුවන් ඇති.

අන්තිමටම යූටියුබ් එකෙන් මොකක් හරි සිංදුවක් තෝරගෙන ඒකත් කථාවෙ පහලට එකතු කරන්න. ඒ සිංදුවේ එන මොකක් හරි පදයක්, අවස්ථාවක්, සිද්ධියක් උඩ තියෙන එක කථාවකට සම්බන්ධ කරන්න පුළුවන් නම් මරු.

ඔයාලත් මේ ක්‍රමයට පොල් මැල්ලුම් ඡානරයේ කථාවක් ලියලා බ්ලොග් එකේ ප්‍රසිද්ධ කළොත් මම ඇර වෙන කවුරුහරි යොදවල තෝරගන්න හොඳම කථා තුනට සුළු තෑගි දෙන්න හිතුණා.  තරඟයට අදාල කාලය අද සිට ජූනි 30 දක්වා. විනිශ්චය කරන කෙනා තෝරාගන්නා හොඳම කථාවට රු. 15,000/=, ඊලඟ එකට 10,000/=, තුන් වෙනි එකට  රු. 5,000/=. ලී කෑලි නැහැ. එහෙම නැත්නම් ඔබ වෙනුවෙන් ඔබ කියන චැරිටි එකකට ඔබේ නමින් එම මුදල් පරිත්‍යාග කරනවා.

මේ පෝස්ට් එක ප්‍රබුද්ධ කථා රචකයන්ට අපහාසයක් හෝ උපහාසයක් ලෙස ලිවූවක් නෙවෙයි. විස්කි අරක්කු නැති අය කසිප්පු ටිකක් හරි පෙරාගන්නව වගේ ප්‍රබුද්ධ කථා ලියන්න හැකියාව අඩු නම් පොඩි කසිප්පු වඩියක් පෙරල බලනව වගේ එකක් පමණයි. මම මේක ඉගෙනගත්තේ බ්ලොග්කාරිණියකගේ පරණ ලියපු කථාවකින්. ඒ කවුද කියල නම් අහන්න එපා. ඇහුවොත් ඔන්නොහෙ උපේක්ෂාසහගත උත්තරයක් දෙනව මිසක් කවුද කියලනම් කියන්නෙ නැහැ. 

 මේක ඇත්තටම අත්හදා බලන්න.

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Thursday, June 15, 2017

‘මහින්ද අඩු ගානේ පන්සිල් පද පහේ එක පදයක් හෝ රකින්න..!


(ලංකා ඊ නිව්ස් 2017.ජුනි.14, ප.ව.5.30) 2009 වසරේ අප රටේ යුද්ධය අවසන් වූ වහාම රට සංවර්ධනය කරා ඉහළට ඔසවා තැබීම සඳහා කටයුතු කිරීමට අවස්ථාව තිබියදී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකවරු මේ රට ප්‍රපාතය කරා තල්ලු කිරීමට කටයුතු ආරම්භ කළහ. එක් පැත්තකින්, ඉතා අසාධාරණ ලෙස ඉහළ වානිජ පොලියට විදේශයන්ගෙන් මුදල් ණයට ලබාගෙන, රට විශාල ණය උගුලකට ඇද දැමූ අතර, අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාව හා රටේ ජනතාව ජාත්‍යන්තරයෙන් හුදකලා කිරීමට මග සැලසීය. එමෙන්ම, ඔවුන් විසින් ගනු ලැබූ තීරණයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන්ද දුරස් කරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් සමඟ වූ ගනුදෙනුවල දී ශ්‍රී ලංකාවට ආධාර දෙන ප්‍රධාන රටවල් බොහොමයක් විවිධ අවස්ථාවන්හි ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ අවස්ථාවන් පිළිබඳ තොරතුරු ඔහු රටට වසන් කළේය.

Friday, June 9, 2017

හම්බ රටේ යාළුවා


අපි වෙනුවෙන් හම්බයන්ට තර්ජනය කරන ඥාණසාර හාමුදුරුවෝ 


නාන සාර හාමුදුරුවන්ට බුදු බව ලැබෙන්න ඕන. එතුමා නිසා තමයි මට ඇත්ත තේරුණේ. මේ හම්බයන්ට බෞද්ධයෝ නැතිකරන්න දෙන්න පුළුවන්ද? හම්බයොන්ගෙ කඩවල් කඩල පල්ලි ගිනි තියල වුන් ඔක්කොම ඝාතනය කරන්න තමයි මටත් හිතිල තියෙන්නෙ. ඒකට කියන්නෙ වෛරය - ද්වේශය කියල නෙමෙයි. ඒව බෞද්ධාගම වෙනුවෙන් අපෙන් වෙන්න ඕන යුතුකම්. ඒ යුතුකම් ටික ඉෂ්ඨ කරල ඔය යන්න කියන මාර්ග වල නොගියත් මොකද? අනික හම්බයො විස්ස ගානෙ පැටව් ගහල ලංකාවේ බහුතරය වෙනවලු.  ටිකක් තරුණ කාලේ  මේක දැනගත්තනන් ළමයි දෙන්නෙක් විතරක් හදන්නෙ නැතුව විසි තිස් ගාණක් හදන්න තිබ්බ. හම්බයෝ බහුතරය වුනාම 'පින්කෙත හෙළ ලක්දෙරණේ යළි උපදින්නට හේතු  වාසනා වේවා' කියල බීගත්තම කිය සිංදු ඇත්ත වුණොත් ඊලඟ ආත්මෙ හම්බයෙක් වෙලා තමයි ඉපදෙන්න වෙන්නෙ. එතකොට බෞද්ධයන්ගෙන් පල්ලි බේරගන්න කියල මටත් ජිහාඩ් එකකට යන්න වෙයිද? ඊට වඩා හොඳයි බෞද්ධාගම රැකගන්න කියල හම්බයෙක් මරල අපාගත වෙන එක.

Monday, June 5, 2017

වරදට සමාව ශුවර්



යම්කිසි හේතුවක් නිසා දුම්රියට පැන සියදිවි හානි කරගත්ත T. විජේසිරිවර්ධන නම් තරුණියක් ගැන මේ දවස් වල ප්‍රවෘත්ති පළ වුණා. ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට සතියකට පසුව මෙම සිද්ධිය සිදුවීමත් ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරිණියක වීමත් ඇයගේ ආකර්ශණීය රූ සපුවත් ඇය ගැන විශාල කථා බහකට සමාජය යොමුවීමට හේතු වන්නට ඇති. ප්‍රේම සම්බන්ධයක් නිසා ඇය මෙවන් තත්ත්වයකට පත්වුණා යැයිද එම මරණයට සම්බන්ධ ප්‍රවෘත්ති වල සඳහන් වුණා. තරුණ කාලයේ යම් කිසි හේතුවක් නිසා මගේ ප්‍රියතම බාලිකා පාසැල වූ මිලාගිරියේ ශාන්ත පාවුළු කන්‍යාරාමයේ ආදි සිසුවියක් බවත් එම ප්‍රවෘත්ති වල සඳහන් වුණා.ඒ ඇරෙන්න මේ තරුණිය සම්බන්ධයෙන් හෝ ඇයගේ අකල් වියෝව සම්බන්ධයෙන් මම කිසිම කිසි දෙයක් දන්නේ නැහැ. මේ සිද්ධිය මම කිහිප විටක් ලිවීමට සිතූ මාතෘකාවට ප්‍රවේශයක් ගැනීමට මට සිතුනා. මම මේ කථා කරන මාතෘකාව මෙම තරුණියට කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. එම මරණය ගැන කියවූ විට මම ලියන්නට සිටි මාතෘකාව මතක් වීම පමණයි එකම සම්බන්ධය.

Saturday, May 27, 2017

දෙසවන් සොයනා ආත්මීය හඬ අපෙ සිත් හඳුණා ගත්තාලූ

නුවර  වැව අබියස කසුන් සහ සත්‍යා..ඡායාරූපය - ඉඳුවර ගුණසේකර



එන සති අන්තයේ කූඩු වෙන බ්ලොග් ලෝකේ රුවැත්තිය සත්‍යා නිර්මාණී කිරිල්ලියටත් කසුන් නයනජිත් කුකුලා සොරි කුරුල්ලාටත් කවියෙන් සුභ පැතීමක් ප්‍රේම කථා ඔස්තාද් රවී වීරසිංහ ශ්‍රීමතාණන් විසින් පල කර තියෙනවා. ඔහුගේ සුභ පැතීමේ කවියේ ඇති සෑම පැතුමක්ම බ්ලොග් ලියන කියවන අපි හැමෝගේම පැතුම බව මට විශ්වාසයි.

Monday, May 22, 2017

යහපාළුවන්ගේ වෙන්දේසි බන්දේසි ආර්ථිකය


යහපාලන නායකයෝ කරන්නේ වෙන්දේසි බන්දේසි ආර්ථිකයක් කියලා මැයි දිනේදි හිටපු නායකතුමා කිව්වා. හැමදේම ඉන්දියාවට එහෙම නැත්නම් චීනෙට විකුණන්න කථා කරන යහපාලකයෝ කරන්නෙ විකුණාගෙන කෑමක් තමයි. ඒගොල්ලො ඒ අතින් කොච්චර නරකද. කිසිම දේශීය හැඟීමක් නැති අය. 

Saturday, May 20, 2017

ලෝකය නටවන අපේ අය

Geopolitics

අපි හරිම කැමතියි අපි ඉන්න පරිසරය අපේ පාලනය යටතේ තියෙනවනම්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. මට මතක විදිහට එහෙම කාලයක් මට තිබ්බෙ මොන්ටිසෝරියට යන්න ඉස්සෙල්ල. හැම දේම මට ඕන විදිහට. අම්මල තාත්තල, අයිය, ආච්චි අම්ම එහෙම මම් 'හ්ම්' කිව්වොත් ඒක තමයි අවසාන තීරණය. ඊට ටික කාලෙකට පස්සෙ මල්ලි කෙනෙක් එකතුවෙලා මගේ ඒ සුවිශේශී බලපරාක්‍රමය පැහැරගත්ත. ඊට පස්සෙ එයා තමයි බොස් වුණේ.

ඉස්කෝලේ යනකොටත් එතන ගුරුවරු ගේ බලයයි, මට වඩා ශක්තිය තියෙන අයගෙ බලයයි එක්ක මොලේ පාවිච්චි කරල ඇඟ පත තලාගන්නෙ නැතුව ඉන්න පුළුවන් වුණා. ඉස්කෝලෙ මගේ වුවමනාවට ජාති දාති දාන්න ගියා නම් කෝටු කිතයියල දෙතුන් දෙනෙකුට නෙලන්න පුළුවන් වුනත් කාගෙන් හරි ගුටි කනව. ඒ නිසා තමයි එක එක්කෙනාගෙ දක්ෂකම්, බලපුළුවන්කාරකම්, සම්බන්ධකම්, වගේ දේවල් ගැන අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්න වුණේ.

Thursday, May 18, 2017

අන්තරේ පෙළපාලි සංවිධානය ගැන පසුබිමේ රහස්


අන්තරේ සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පවත්වන අන්තර් ප්‍රිම්යර් ලීග් ශූරතාවය සඳහා ඊයේ තවත් සාර්ථක තරඟයක් නිමා වුණා කියලා දන්නවනෙ. හැම ඉවෙන්ට් එකක්ම වගේ තරඟය පවත්වන කාල සීමාවට වඩා කාලයක් ඕව සංවිධානය කරන්න යනව. මේ තරඟය සංවිධානය වෙච්ච් විදිහ ගැන පොඩි විස්තරයක් ඒව ගැන දැනගන්න වෙන්නේ නැති අය වෙනුවෙන් ලියා තියන්න තමයි සූදානම.

මේ පිළිබඳව පළමු සාකච්චාවේදීම ගත්ත තීරණයක් තමයි අන්තරේ අය පෙළපාලියට දින තුනකට පෙර ඒ සඳහා සහභාගී වෙන අයගේ ප්‍රමාණය පොලිසියට දන්වන්න ඕන කියන එක. ඒකට හේතු වුණේ මීට කලින් තිබ්බ තරඟ කීපෙකම හැමෝටම හොඳට වදින්න ගහන්න කඳුළු ගෑස් මදි වෙච්ච එක. ඒ අඩුපාඩුව ගැන කථා කරපු අන්තරේ නියෝජිතය කිව්වෙ ඒ ගොල්ලො ගොඩක් වෙහෙසිලා හොයාගෙන එන අයට භුක්ති විඳින්න ප්‍රමාණවත් කඳුළු ගෑස් ප්‍රමාණයක් පොලිසියෙන් ලැබෙන්නේ නැහැ කියන එක. 

Wednesday, May 17, 2017

යහපාලන ආර්ථික දර්ශණය


(2018 මැයි 8 ලංකාදීප) “අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.
ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු සියලු ණය බරින් රට මුදාගත හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි ද කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ ඌව පරණගම-යාලගම යොවුන් අපනයන කෘෂි ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
අක්කර 53ක භූමියක කෘෂි ගම්මානය ඇරඹෙන අතර, අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල් දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙන්ම මී මැසි පාලනය අපනයනය සඳහා මෙහි වගාකිරීමට නියමිතය.