Friday, April 28, 2017

ශ්‍රී ලංකාවේ විනය ගොඩනැගීම ෆොන්සේකාට භාර කරයි (දෙවන කොටස)


(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.28, පෙ.ව‍. ‍‍‍7.45) යහපාලන ආණ්ඩුව විසින් සරත් ෆොන්සේකාට බාර දෙන්නට යන නව වගකීම පිළිබඳ විවිධ දෙනා විවිධ අදහස් දක්වන අතර එය කඩාකප්පල් කාරී ක්‍රියා වලින් මහජනයාගේ ජන ජීවිතය කඩා වැටෙන්නට ඉඩ නොදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය කරන නව සැලැසුමක් බවත් එය වම්මුන් දොඩවන ආකාරයේ මර්දන යන්ත්‍රයක් නොවන බවත් එය කිසි සේත්ම පාර්ලිමේන්තුවෙන් පිටත නිමවන ආයතනයක් නොවන බවත් රජයේ ඉහල තැනකින් ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කෙරිණ
පසුගිය කාලයේ පැවත්වූ සමහරක් වැඩ වර්ජන කිසි සේත්ම නීත්‍යාණුකූල ඒවා නොවේ. උදාහරණයක් ලෙස ආසන්නම වැඩ වර්ජනය වූ පසුගිය අප්‍රේල් 21 වෙනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා පැවැත්වූ වෛද්‍ය වැඩ වර්ජනය ගත හැකිය. එය පාදෙනියගේ හෙංචයියෙකු බලාපොරොත්තු වූ ස්ථානයකට වෙනත් වෛද්‍යවරයෙකු පත් කිරීම නිසා පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීමට කරන ලද වැඩ වර්ජනයකි. එම වෛද්‍යවරයා පත් කර තිබුනේ අමාත්‍යාංශය විසින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අනුමැතිය මත අතිශය නීත්‍යාණුකූල ලෙසිනි. වර්ජනය කරන බව දැනුම් දුන්නේ ද හෙට උදේ සිට වර්ජනය කරන බව කියා අද සවස ය. එවැනි වැඩ වර්ජන ලෝකයේ කිසිදු කම්කරු ප්‍රඥප්තියක නැති, නීත්‍යාණුකූල නොවන වැඩ වර්ජන පමණක් නොව සම්පූර්ණයෙන්ම කඩා කප්පල් කාරී ත්‍රස්තවාදී ක්‍රියාවන් ය.

Wednesday, April 26, 2017

ශ්‍රී ලංකාවේ විනය ගොඩනැගීම ෆොන්සේකාට භාර කරයි


(LANKANEWSWEB) යහපාලන ආණ්ඩුව විසින් ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවභාවිත කරමින්, විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිවල සුළුතරයක් විසින් මහජනතාවට පීඩා පමුණුවමින් සිදුකරන අත්තනෝමතික හා අන්තවාදී, කඩාකප්පල්කාරී ක්‍රියාවන් නවතා සමස්ත ජනතාවට සහන සැළසීම උදෙසා සුවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී යෝජනා කොට තිබේ.

Friday, April 21, 2017

දොස්තර වර්ජන නවතන විදිහ


ලෙඩ්ඩුන්ගෙ ජීවිත වල තියෙන අවදානම පාවිච්චි කරල බ්ලැක්මේල් කරන දොස්තර වරුන්ගේ මේ ස්ට්‍රයික් කෙරුවාව සෑහෙන කාළෙකටවත් නතර කිරීමට සැලසුමක් ගැන යෝජනාවක් තමයි මේ. මීලඟ වැඩ වර්ජනයට සහභාගී වන හැම දොස්තරයෙක්ම සේවය අතහැර ගියා කියල සළකන්න ඕන. කිසිම හේතුවක් නිසාවත් ඔවුන්ට තිබුණ තනතුර නැවත නොදෙන ලෙස එය ක්‍රියාත්මක කරන්න ඕන. 

මේක ක්‍රියාත්මක කරන්න නම් වැඩිම වුණොත් පැය 48 ක් ඇතුලත මේ දොස්තර පුරප්පාඩු පුරවන විදිහක් කලින් සැලසුම් කර තියෙන්න ඕන. දොස්තර වර්ජනයක් ක්‍රියාත්මක කරන දිනට පෙර දින සහ එදින රජයේ රෝහලකට පැමිණීමෙන් එදින සිටම අවුරුදු හතරක කොන්ත්‍රාත් ක්‍රමයට සුදුසුකම් ලත් දොස්තරවරු බඳවා ගන්නවා කියන එක ප්‍රචාරය කරන්න ඕන. දැනට පිටපළාත්වල එහෙම නැත්නම් දුෂ්කර පළාත්වල සේවය කරන දොස්තර ලාට නගර වල පත්වීම් ගන්න මේක අවස්ථාවක් වෙනවා. ඒක නිසා ඒ අවස්ථාවේ වැඩ වර්ජනය කිරීමෙන් සේවය අහිමි වෙච්ච අයත් මේ තනතුරු වලට බඳවා ගන්න ඕන. ඒ එක්කම අවුරුදු 65-70 වගේ වයසක් යනකම් හොඳ සෞඛ්‍ය තත්ත්වයේ ඉන්න සුදුසුකම්  ලත් වෛද්‍යවරුත් අවුරුදු 2ක හෝ 4 ක කොන්ත්‍රාත් මත බඳවා ගන්න ඕන. කොහොම වුණත් පැය 36-48 යනකොට ස්ථාන වලට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණයෙන් 75% වත් බඳවාගෙන අවසන් කරන්න පුළුවන් වෙයි. 

Wednesday, April 19, 2017

යහපාලන කොමිස් කාක්කන් සහ කුණු කොල්ලය (LEN)


(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.18, ප.ව‍‍‍.11.50) කැළි කසල එකතු කිරීම, ප්‍රතිචක්‍රීයකරණය, නැවත භාවිතය යනු විද්‍යාවකි. එම ක්ෂේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ මෙන්ම එහි නවතම සොයා ගැනීම් පිළිබඳ ලියැවුණු විද්‍යා පර්යේෂණ පත්‍රිකා සිය ගණනකි. අද කැළි කසල යනු අපවිත්‍ර ද්‍රව්‍ය නොව මානව වර්ගයාගේ පැවැත්ම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයන් ය. ඉතා සරලව පැවසුවහොත් කැළි කසල යනු මුදල් ආකර ය. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවෙ දූපත් ජනතාව කැළි කසල දකින්නේ ඉවත දැමිය යුතු දුර්ගන්ධය පතුරුවන සම්ප්‍රදායික ‘කුණු‘ ලෙසට ය. තම නිවසේ කැළි කසල අසල්වැසියෙකුගේ නිවසක් අසළට වීසි කර යන්නේ මෙම ‘කුණු‘ මානසිකත්වය හේතුවෙනි. මෙවැනි දෑ බහුලව සිදු කරන්නේ උගත් යැයි තමන් විසින්ම හඳුන්වාගන්නා නාගරික මධ්‍යම පංතිකයන් වීම විශේෂත්වයකි. එංගලන්තයේ එක් දුර ගමක වෙසෙන එක පවුලක් විසින් පවත්වාගෙන යන සාමාන්‍ය ගොවිපොලක ඉවත ලන සත්ව ගොම සහ මුත්‍රා වලින් ඔවුන් විසින් ඒ ගමේ පවුල් 40 ක නිවාස සඳහා විදුලිය ලබා දෙන වාර්තාවක් පසුගියදා දකින්නට ලැබිණ. ඒ ලබා ගන්නා විදුලිය සඳහා බිල ගෙවන්නේ ගොවිපොල අයිති පවුලට ය. 

Monday, April 17, 2017

හෙල්පිං මීතොටමුල්ල



කුණු කන්ද කඩා වැටීම සහ ඒ සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ග ගැන විවිධ විවේචන විවිධ මාධ්‍ය වල පළවේ. රජයේ ප්‍රතිචාර ගැන මටත් ඇත්තේ චකිතයකි. මීට ඉහත ඇතිවූ ඛේදවාචක වලදී බලයේ සිටි අය ඉතා ප්‍රතිචාර දැක්වූ වේගය හා සසඳන කල මෙම රජය සිටින්නේ බොහෝ පිටුපසිනි. විසි ගණනක් මිය ගොස් එවන් ගණනක් අතුරුදන් වී ඇති මෙම සිද්ධිය විසි දහසක් මියගිය 2004 සුනාමි සිද්ධිය හා සසඳන කල ඉතා කුඩාය. එවන් විශාල සිද්ධියකට රට මුහුණ දුන් අවස්ථාවේ රටේ එවකට සිටි අගමැතිවරයා යුහුසුළුව ප්‍රතිචාර දැක්වූ ආකාරය සැලකූ කල මෙම සිද්ධියේදී අගමැති වරයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා වියට්නාමයේ කලින් යොදාගත් සංචාරයකට සහභාගී වීම නම් පුදුම සහගතය. අඩුම තරමේ 'හෙල්පිං මීතොටමුල්ල'  නමින්    ගිණුමක් වත් විවෘත කර විදේශ වලින් එන මුදල් ටික ලබා ගැනීමටවත් උත්සාහයක් නොගන්නා බව පෙනී යයි.  

Monday, April 10, 2017

සයිටම් රජයට පවරා ගත යූතුය

අසරණ ලෙඩුන්ගේ සුභ සිද්ධිය සඳහාම සටන් වදින වෙද සිසුන්

1978 විතර ඉඳන් ඉවරයක් නොවෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්ණයට GMOA සංවිධානය එදත් අදත් ඉල්ලා සිටින්නේ ඒවා රජයට පවරා ගන්නා ලෙසයි. එයට යටි හේතුව ගාස්තු අයකරන පෞද්ගලික විද්‍යාල වලට ශීග්‍රයෙන් ඇතුලත්වන සිසුන් සංඛ්‍යාව ඉහල දමා ගත හැකි නිසාය. 

සුදුසුකම් ලබන වෛද්‍යවරුන් සංඛ්‍යාව හැකිතරම් අඩු මට්ටමක තබා ගැනීම ඔවුන්ගේ එකම අරමුණයි. රජයේ වියදමින් පවතින විද්‍යාල වල ඇතුලත් කරගත හැකි සංඛ්‍යාව වැඩි වන්නේ ඉතා සුළු වශයෙනි. මෙම හේතුව නොපෙන්වා ඔවුන් පෙන්වන්නේ වෙනස් හේතුය. සායනික පුහුණුව නැතිකම, ඇතුලත් වීමේ සුදුසුකම් මඳකම ආදිය ගැන කියා සිටියත් ඒවාට විසඳුම් දීමෙන් මෙම අය සැහීමකට පත්කල නොහැක. මෙවරද රජය කරන්නේ GMOA සංවිධානය ලෙඩුන් ගැන සිතා කරන සාධාරණ ඉල්ලීමක් ලෙස සිතා එම ප්‍රශ්ණයට විසඳුමක් ලෙස සයිටම් සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට ක්‍රමයක් සැකසීමයි. ඔවුන් මෙතෙක් දක්වා සිටි මුඛ්‍ය පරමාර්ථයට රජය විසින් විසඳුම් සැපයුවත් ඔවුන් එය කිසිසේත් පිළිනොගනු ඇත. පසුගිය සතියේ 'සායනික පුහුණුව' සටන් පාඨය මහජනයාට අමතක වුණැයි සිතා හෙට සිට 'අධ්‍යාපනය විකිණීමේ' සටන් පාඨය එළි බැසීම ඉර හඳ මෙන් විශ්වාසය.

Thursday, April 6, 2017

උනන්දුව සහ කැපවීම තිබේනම් බැරි දෙයක් නැත.

 

පහසුකම් ඉතාම අඩු ඈත පිටිසර පාසැලක ගුරුවරයෙකුගේ කැපවීම පිළිබඳව මේ සටහන තබමි.


රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 30 ක පමණ දුරින් පිහිටි එම පාසැලේ 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වින. ගමන් අපහසුව සහ නවාතැන් නොමැති කම නිසා ගුරුවරු යාමට ඉතා අකමැති පාසැලකි. වසර ගණනක සිට විද්‍යා ගුරුවරයෙකු නොසිටි මෙම විදුහලට යාමට කැමති තරුණ ගුරුවරයෙකු මට හමුවිය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිටිසර ගමක රත්නපාල නමැති තරුණයෙක් වූ ඔහු  නගරයේ විදුහලක උසස් පෙළ අධ්‍යාපනය ලබා විද්‍යා ධාරාවෙන් විෂයය දෙකක් පමණක් සමත් වී තිබිණ.

Tuesday, April 4, 2017

රවී ජයවර්ධන, ඔබට සුභ ගමන්




රවී ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ එකම දරුවාය. වයස 80 ක් වූ ඔහු ඊයේ දිවියෙන් සමුගත්තේය. රටක පාලකයෙකුගේ දරුවෙකු කෙසේ හැසිරිය යුතුද යන්න ගැන ඔහු ලොවටම ආදර්ශයක් විය. සිය පියා රටේ විධායක ජනාධිපති ලෙස සිටි අවුරුදු 10 ක කාලය තුල ඔහු තම පියාගේ තනතුර අභාවිතා කල එකම සිද්ධියක් හෝ අසන්නට නොලැබිණි. පියා එ.ජා.ප ආරම්භක සාමාජිකයෙකු වූවත්, රටම දන්නා දේශපාලකයෙකු වූවත් රවී ජයවර්ධන කිසිදිනක දේශපාලනය නොපැමිණියේය. ඔහුට පෙර රටේ නායකයින් වූ ඩී.එස්.සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී සහ සිරිමා බණ්ඩාරණායක යන අයගේ දරුවන් දේශපාලනයට පැමිණියත් රවී ජයවර්ධන ඔවුන්ගේ දරුවන්ව ආදර්ශයට ගත්තේ නැත. අවාසනාවකට ජේ ආර් ට පසුව රටේ නායකත්වයට පැමිණි ආර්. ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ වැනි අයගේ දරුවන් රවී ජයවර්ධනව ආදර්ශයට ගත්තේත් නැත.