Thursday, December 31, 2015

අමුතුම වසරකට සමුදෙමි



2015 කියන්නේ ගොඩක් වෙනස්කම් අළුත් අත්දැකීම් වලට මුහුණ දුන් වසරක්. සමහර අය එකඟ නොවුනත් රටේ ඇතිවෙච්ච දේශපාලන වෙනස්වීම ඉතාම හොඳ ආරම්භයක් වසරට ලබා දුන්නා. ඒ වෙනස තව ගොඩක් දුර යන්න ඇතිබව වෙච්ච සමහර දේවලින් පැහැදිලියි. සමහර වෙනස් කම් සිදු කර ගන්න මමත් පෞද්ගලිකව උත්සාහ ගන්නවා.

දෙවෙනි වෙනස තමයි අවුරුදු 12 කට පසුව පළමු වරට තනිව ජීවත් වන්නට සිදුවීම. පහුගිය අවුරුදු දොලහේ මා සමඟ සිටි පුතා උසස් අධ්‍යාපනයට විදේශ ගත වුනා.  ඒකත් එක්තරා විදිහක සහනයක්. ඔහු වෙන්වී යාම ඉතා සුළු හෝ හිඩැසක් ඇති කරත් මනස ගොඩක් දුරට නිදහස් වුනා.  ඒ නිදහසත් එක්ක 2009 විතර ඉඳන් තිබිච්ච බ්ලොග් එකත් දුහුවිලි පිහදාල ගත්තා. 

බ්ලොග් එකක් කිව්වට මේක වැඩි දෙනෙක් කියෙව්වේ නැහැ. මේකේ ප්‍රධාන කර්තව්‍ය වුනේ පුවත්පත් වලට ලියූ ලිපි වල සොෆ්ට් පිටපත් සංරක්ශණය. අවුරුදු හයටම තිබ්බේ එක කමෙන්ට් එකද කොහෙද. අර ගොඩනැඟිලි උයන්නා හෙවත්  චෙෆාකි කමෙන්ට් එකකින් සින්ඩිකේට් වලට දාන්න කියපු නිසා එක පාරටම වැඩිදෙනෙක් කියවන බව තේරුණා. ඒ නිසා රවී, අපූර්වි, නෙලුම්යායේ අජිත්, විචාරක, පොඩ්ඩි,  හැලපේ, ඉකොනොමැට්ටා, උපේක්ෂා, හංසි, මෙතූ, පත්තර මල්ලි, රසිකලොජි, රාජ්, කුරුටු, වර්ණ, ඩ්‍රැකී, දේශක, මනෝ මන්දිර,  මිත්‍රවර්ණ, බණ්ඩා, Dude, Praසන්னවිදානේ මනොජ්, අම්බලන්ගොඩ, මහේෂ්, වැනි ප්‍රවීනයන් සයිබරයේ හඳුනාගන්නට හැකි වුණා. 

ඒවගේම චෙෆාකි, මාතලන්, ඉවාන්, අටම්, සජ්ජා, ලොකුපුතා, ප්‍රාජේ, මෙන්ඩා, බස්සි, කමියා, 
, කැමා ඇනෝප්ලීස්, නලින්, කම්මල (1) , කම්මල (2), කටුස්සා, ගස්ලබ්බා  වැනි බ්ලොග් කරුවන් සැබෑ ජීවිතයේ හමුවෙන්නත් අවස්ථාව ලැබුණා. (මෙතනින් ප්‍රාජේ මම බොහෝ කලක් හඳුනන කෙනෙක් වුනත් ඔහු බ්ලොග් අවකාශයේ සිටින බව දැනගෙන සිටියේ නැහැ). එම නිසා එක්තරා වයස් පරතරයක සහ වෘත්තීන් කිහිපහයකට සීම වී තිබූ මගේ මිතුරන් ප්‍රමාණය මෙම වසරේදී වඩාත් පුළුල් වුනා. 

මේ වෙනස්කම් නිසා 2015 මට අමුතුම ඒවගේම සතුටට පත් වසරක් වුනා. මගේ 2015 වසර වර්ණවත් කල ඔබ සැමට මගේ ප්‍රණාමය පුදකරන අතර, ඔබ සියලු දෙනාටම තෘප්තිමත් 2016 වසරක් වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. 

ඉයන්

Thursday, December 24, 2015

රනිල්ගේ බොරු

රනිල්ගේ බොරු



කමියාගේ ඉල්ලීමක් ඉටුකරන්න කියල හිතුන. ඉල්ලල නාගන්න වෙයිද කියලත් හිතුන. ඒවුනාට මේ යහපාලනය පොරොන්දු වුන රනිල් කරන දේවල් ගැන නොකියත් බැහැ. පටන් ගමු ඥාති සංග්‍රහයෙන්ම. මොකද යහපාලනේ පටන්ගත්තෙත් ඒකෙන් නිසා. සිරිසේන සහෝදරයා අධ්‍යාපන, දුප්පත්කම නැතිකිරීම, කෘශිකර්මය වගේ සබ්ජෙක්ට් එකකට බැස්ස නම් ප්‍රශ්ණයක් නැහැ. බැස්සෙ ටෙලිකොම් එකට. එතන හොද්ද බොරයි කියල කවුරුත් දන්නවනෙ. ඒවගේ උතුම් ආදර්ශයක් දුන්න ගමන් අලියගෙන් දිනපු අර්ජුන මහත්තයත් එයාගෙ අයියව දැම්මෙ අර රටට ඕන තැනකට එහෙම නෙමෙයි. කෙලින්ම වරායට. ඔන්න යහපාලනේ විරුද්ධ වෙච්ච ඥාති සංග්‍රහය. රනිල්ගෙ බොරුව ඒවයෙන් ඔප්පු වෙනව නේද? . 

Monday, December 14, 2015

සතුටින් ඉන්න විදිහක්


කුඩා කරුණක් තේරුම් ගතහොත් දිනකින් වැඩි කාලයක් සතුටින් සිටිය හැකි බව සිතමි. ඒ පිලිබඳව ඔබවත් දැනුවත් කිරීමට මේ පෝස්ට් එක. මීට කලින් මේ හා සමාන දෙයක් එනම් තමන්ගේ සතුටේ පාලනය අනුන්ට භාරදීම නිසා දුක් වන අය ගැන  පෝස්ට් එකක් ලීවා. ඒක කියවල නැත්නම් ඒකත් මෙතනින් කියවන්න. ඔබට ඒකත් ජීවිතේ දුක අඩුකරගන්න ඒක ප්‍රයෝජනවත් වේවි.

අද කියන්න අදහස් කරන දේනම්  තමන්ට අන් අය සිතනදේ ගැන දැනගැනීමට කිසිම හැකියාවක් නැති බව තේරුම් ගැනීම ඉතා ප්‍රයෝජනවත් බවයි.  ඒ කියන්නේ අනික් අය අපි කරන, කියන, අඳින දේවල් ගැන මෙහෙම හිතනවා ඇති කියලා අපි කරන උපකල්පනය බොහෝ විට වැරදි බවයි. මේක තේරුම් ගැනීම වැදගත් වන්නේ අපි හැමදාම කරන කටයුතු වලින් බොහොමයක් කරන්නේ මම 'මේ දේ මෙහෙම කලොත් මේ කෙනා මෙහෙම හිතාවි' කියල උපකල්පනයකින් නිසා. එකඟ වෙන්නෙ නැත්ද? 



Saturday, December 12, 2015

නිර්ධනයින් සූරාකන එක්සත් ජාතික පක්ෂය

සමහර දේශපාලන විශාරදයන්ට අනුව එක්සත් ජාතික පක්ෂය ධනපති පක්ෂයක්. මේ ධනපති කියන වචනය සහ සූරාකෑම කියන වචනේ වමේ බොහොම දෙනෙකුට බඩ ගෝස්තරේ රැකගන්න උදව් කරන තියෙනව. ඒකට මුල රටේ බලය ගන්න කලිසමයි, ආගමයි, කථාකරන භාෂාවයි, වෙනස් කරගෙන 'සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු' කියන කට්ටිය මේ සූරාකන ධනපති පන්තියෙන් ගලවගන්න 1956 ආපු ගැලවුම් කාරය  වෙන්න ඕන. 

මේ පෝස්ට් එකට අදහස ආවේ අමාවක අඩවියේ මේ පෝස්ට්  එක නිසා. ඒකට අනුව රජයේ සේවකයො, දොස්තරවරු, උසස් අධ්‍යාපනය ලබන ශිශ්‍යයො තමයි නිර්ධන පන්තිය. මේවගේ අසරණ නිර්ධනයන් ගැන කවදාවත් නොසිතපු එක්සත් ජාතික පක්ෂයට ධනපතියන්ගේ පක්ෂය කියන එක වරදකුත් නැහැ. අනික එක්සත් ජාතික පක්ෂය හැමදාම පෙනී හිටල තියෙන්නෙ ධනපතීන් වෙනුවෙන්.  උදාහරණයකට ඩී එස් සේනානායක මහත්තය ගල්ඔය ව්‍යාපාරය, ජනපද ව්‍යාපාරය හරහා ඉඩම් දීල පදිංචි කරපු ධනපතීන් තාමත් රටට බත් සපයනව. ස්වර්ණ භූමි ඔප්පු වලින් රජයේ ඉඩම් දුන්නෙත් ධනපතියන්ට. ජේ ආර් ගාමිණී වැනි අය කඩිනම් මහවැලි ව්‍යාපරය හරහා වතුර දුන්නෙත් ධනපතීන්ට, ඉඩම් දුන්නෙත් ඒගොල්ලලන්ට. ඒ ධනපති අයත්  ජීවත් වෙන්නේ කන්නේ බොන්නෙ  රටටම බත සහ කෑම සපයල. 

Wednesday, December 2, 2015

මෝඩයන්ගේ රටේ දොස්තර කෙනෙක්

මගේ පූරුවේ වාසනාවකට තමයි ලංකාවේ දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් වුනේ. වෙන රටක හිටියනං දොස්තර කෙනෙක් වෙනකොට ඩොලර් ලක්ශ හතරක් විතර ණය වෙලා. මෙහෙ එහෙමද? මේ මෝඩ මිනිස්සු ඉන්නකන් උන්ගෙ සල්ලිවලින් ඉගෙන ගන්න පුලුවන්. උන්ට තේරෙන්නේ නැහැ නිදහස් අධ්‍යාපනය කියන්නෙ නොමිලේ අධ්‍යාපනය නෙමෙයි කියන එක. ආදි කාලේ සල්ලි තියෙන අයගෙ ලමයින්ට විතරලු උසස් අධ්‍යාපනය ගන්න පුළුවන්. ඒක වෙනස් කරන්න ඒ කියන්නේ හැමෝටම ඒ අවස්ථාව දෙන්න කියල කවුද මේ කන්නන්ගර කියල කෙනෙක් නිදහස් අධ්‍යාපනය කියල එකක් ගෙනාවලු. ඒකෙන් කරන්න තිබ්බෙ සල්ලි තිබුණත් නැතත් උසස් අධ්‍යාපනය දීල රස්සාවක් හොයා ගත්තට පස්සේ පඩියෙන් පොඩි ගාණක් අඩුකරගෙන ඒ වියදම පියව ගන්න එකයි. එහෙම වුනානම් අවුරුද්දක් ගානේ බිලියන පනහක් විතර උසස් අධ්‍යාපනයට වියදම් කරන්න ඕන වෙන්නෙ නැහැ.   

Tuesday, November 17, 2015

දෙකකුල් අල්ලා හඬා වැටෙද්දී බඹසර බිලිගත් සලෙලුන්


මෙන්ඩාගෙන් බේරෙන්න බැරිකමට පෝස්ට් එකක් ලියනවා. ලියන්න තියෙන කම්මැලිකම ගැන හිතුවම මට හිතා ගන්න බැහැ රවී මහත්තය එහෙම ඔය පරිවර්ථන එහෙම කරන්න කොච්චර කැපවීමක් කරනවද කියල. ලේසියට මගේ සිංදුවක් ගැනම ලියන්නම්. 

මේ සිංදුව ලිව්වේ දිල්ලි නුවර වෛද්‍ය සිසුවියක් බස් රථයකදී දූශණය කිරීම පිලිබඳව එහෙ විශාල පෙලපාලි ආදිය පවත්වන කාලේ. මෙම සිද්ධිය සිදුවුනේ 2012 දෙසැම්බර් 16 දා. ජෝති සිං පාන්ඩේ නම් සිසුවිය යහළුවකු සමඟ බසයකට ගොඩවීමෙන් පසුව. මුලින් ඇයගේ නම ප්‍රසිද්ධ නොවුන නිසා ඇයව හැඳින්වූවේ 'නිර්භය' යන අන්වර්ථ නමකින්. මෙම සිද්ධියෙන් පස්සේ එයට සම්බන්ධ වූවන් එල්ලා මරණ ලෙස ඉල්ලා මුළු දිල්ලියේම පෙළපාලි පැවැත්වුනා. 

Monday, November 2, 2015

කෙනෙකු මිය යාමකින් ආදරයක් අවසන් වේද?




අද නොවැම්බර් දෙවෙනිදා මලවුන් සිහිකරන දවස හැටියට ක්‍රිස්තියානි භක්තිකයින් සලකනවා. ඒක නිසා මියගිය කෙනෙක් ගැන සඳහනක්. මියයාම කියන්නේ අපි ප්‍රිය කරන හෝ අප්‍රිය කෙනෙකු සදහටම  අපෙන් සමු ගැනීම. අනෙක් අකාරයේ වෙන්වී යාම් තාවකාලික හෝ දීර්ඝකාලීන වුනත් මරණය කියන්නේ ස්ථීරවම වෙන්වී යාමක්. ගොඩ දෙනෙක් බලාපොරොත්තු වන්නේ වයසට ගොස් මුනුබුරු මිණිබිරියන් දැක මියයන්නයි. ආදරයෙන් බැඳෙන අයත් බලාපොරොත්තු වන්නේ හැරමිටිය ගහගෙන යන කාළය එනකම්ම එකට ඉන්න. හැබැයි විවිධ වයස් වල අය විවිධ හේතු නිසා මරණයට පත් වෙන්න පුළුවන් කියන එක හැමෝම දන්නවා. 


තම ආදරවන්තයා හෝ ආදරවන්තිය අන් ආකාර වලින් වෙන්වී යෑම මොනතරම් වේදනා කාරී වුනත් ඔහු හෝ ඇය මරණයකින් වෙන්ව යාම ඉතිරිවන කෙනා වේදනාවේ උපරිමයට  පත්වීමට හේතු වන්නක්. 'මරණයේ වේදනාව මියගිය අයට නොව ජීවත්වන්නන්ට' කියලා සමහර මල ගෙවල් වල තියෙන බැනර් වල තියෙන දේ නම් ඇත්ත. මෙවන් අවස්ථාවකට මුහුණ දුන් අය තව ඉන්න පුළුවන්. මම දන්නේ එක්කෙනයි ඒ වගේ අවාසනාවන්ත අවස්ථාවකට මුහුණ දුන්න. 


Thursday, October 22, 2015

වාහන පාවිච්චියේදී වැදගත් කරුණු - A re post

පෝස්ට් පහක්ම ඔක්තෝබර් මාසේ දාපු නිසා අළුත් එකක් නොදා කලින් වැඩිය කියවීමක් නොවිච්ච එකක් රී පෝස්ට් කරන්න අවසර. මේක කරන්නේ ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතන නිසා. 






වාහන පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනවත් වන කරුණු කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි. විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත් ලංකාවේ ජීවත් වන සමහර අයට සමහර කරුණු ගැන වැරදීම් සිදුවෙන බව ඔබත් දැක තිබෙන්නට පුළුවන. එවන් කරුණු කිහිපයක් ගැන කථා කිරීමට අදහස් කරමි. අඩුම වශයෙන් එක් අයකුට හෝ ප්‍රයෝජනවත් වුවහොත් මගේ උත්සාහයට වටිනාකමක් තිබීමට ඉඩ ඇත.


Friday, October 16, 2015

මිනිසත් බවය මිනිසෙකු ලෙස ගෙවාපන්

මෙන්ඩ අර පාලම දිගේ ඉන්දියාවේ සිංදු ගේන්න පටන්ගන්න ඉස්සර මගේ සිංදුටික දාල ඉවරයක් කරන්නත් ඕන. ඒක නිසයි සති අන්තයේදී අහන්න මගේ සිංදුවක් දෙන්නයි මේ පෝස්ට් එක. මේක මම 2013 දි විතර ලියපු එකක්. සංගීතය සහ ගායනය විශාරද ජගත් වික්‍රමසිංහ ගෙන්. තේරුම් ගන්න අමාරු නොවන සිංදුවක් නිසා වැඩි විස්තර ලියන්න දෙයක් නැහැ. ඔෆිස් වලදි සිංදු අහන්න බැරි නෝනා වරු මහත්වරු කරණාකරලා සති අන්තයේදී ගෙදරදී අහල කැමතිනම් කමෙන්ට් එකකුත් දාලම ගියොත් තමයි හොඳ.




කිරිදුන් මවගෙ, මස් කෑ දා, දවසක්ද
අන්සතු දෙයක්, අරගත් දා, දවසක්ද 
කම් සැපෙ ගිලී, ගතකල දා, දවසක්ද
මුසා දොඩා ලොවදිනු දා, දවසක්ද

Wednesday, October 14, 2015

පාලම නම් එපා




ඉන්දියාව ලංකාව යාකරල පාලමක් දාන්න යෝජනා කරල තියෙනව කියල උඹලා දන්නවා ඇතිනේ. පොඩ්ඩක් ඉක්මනට හිතල බලාපල්ල මේකෙන් වෙන්න යන විනාසේ. 

ඔය පාලම දැම්මොත් ඔය වෑන් හයර් කරගෙන යාපනේ ගිහින් එන උන් ඊට පස්සෙ වෑන් වලින් මෝටර් සයිකල් වලින් වියට්නාමයට, බුරුමයට, පකිස්ථානයට විතරක් නෙමෙයි ඔය ස්වීඩන් රටට, ෆින්ලන්තයට, ස්පාඥ්ඥයට, ජර්මනියට උනත් යයි. එතකොට ලොකු ගණන් ගෙවල රට රටවල් වලට ප්ලේන් එකේ යන අපිට තියෙන තත්ත්වෙ හෑල්ලු වෙනවනෙ. බලාගෙන යනකොට ඔය ඇමෙරිකාවටයි, ජපානයටටයි ඔස්ට්‍රේලියාවටයි ඇරුනම ඔය අනික් හැම රටකටම වගේ රෝද හතරෙන් එහෙම නැත්තං කෝච්චියේ ගිහින් හරි යන්න පුලුවන් වෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.


ඔය දැන් කීප දෙනෙක් දස දහස් ගණන් ගෙවල දඹදිව වන්දනාවේ ගිහිල්ල ආවම බලන්න එපෑයේ උන්ගෙ තියෙන උජාරුව. කිසි වැඩකට නැති පාළමක් දාල දහ දාස් ගණන් ගෙවන්න බැරි උනුත් වෑන් කබලකින් දහ දොලොස් දෙනා හැම පෝයකටම දඹදිව ගිහින් එන්න පටන් ගත්තොත් එහෙම පිටරට ගියෙ නැති එකෙක් හොයාගන්න බැරිවෙයි. එතකොට අපේ පොල් ගහකට හරි අරින්න කෙනෙක් ඉතුරුවෙයිද? අනික ඉන්දියාවට එන සංචාරකයොන් ගෙන් සියයට එකක්වත් දැන් ලංකාවට නොඑන එකේ ව්‍යාපාරිකයො ඉන්දියාවයි ලංකාවයි එකට මාකට් කරල එහාට එන උන් පාරවල් දිගේ හරි කෝච්චියේ හරි මෙහාට ගෙන්න ගත්තොත් උතුර පැත්ත දියුණු උනොත් දකුණෙ අපිට මොකද වෙන්නේ. අනුරාධපුරට සීගිරියට එන එවුනුත් පාර දිගේ ආවොත් ඒ පැති දියුණු වෙන්න තියෙන ඉඩ වැඩියි. මේක කොහොමටවත් වෙන්න දෙන්න හොඳ නැහැ කියල තේරෙනවනේ.


අනික ඉන්දියාවට වඩා ලංකාවේ නිශ්පාදන කර්මාන්ත දාන්න ලොකු කොම්පැණි කැමති උනාට ලංකාවේ හදන දේවල් පිටරට අරින්න පුලුවන් නැව් හරි ප්ලේන් වලින් විතරක් නිසා වියදම වැඩියි කියලනෙ උන් ඒව මෙහෙ දාන්නෙ නැත්තෙ. අනික ලංකාවේ ලෝකල් මාකට් එක පුංචි වැඩියි උන්ට බේසික් වොලියුම්ස් දෙන්න. ඔය පාලම නිසා දකුණු ඉන්දියාව වගේ පැතිත් ලෝකල් මාකට් එක වගේ වෙනවනේ. ඔය ලොකු කොම්පැණි මෙහෙ ෆැක්ටරි දාල ඔය රස්සාවල් නැති එව්වො රස්සාවල් අරගෙන උඩ යනකොට අපිට වෙන්නෙ මොකද? 



Monday, October 12, 2015

සංසාර ආදරේ හඳුණාගන්නේ කොහොමද?

භවයක් භවයක් පාසා හමුවෙනවා කියලා ආදරවන්තයො කියනව අහලත් ඇති. මල් කැඩීම ගැන හොඳ අවබෝධයක් තියෙන අය ඇත්තටම හෝ ප්‍රෝඩාවට වගේ දෙතුන් දෙනෙකුට මෙහෙම කියලත් ඇති. සමහර අය බලාගෙන ඉන්නවානෙ පතාගෙන ආව කෙනා එනකන්. ලඟකදි කොහෙදි හරි කියෙව්වා 'පතාගෙන ආව නම් ඔතාගෙන යනව' වගේ කතාවකුත්. මේ සංසාරගත ආදරයන් ගැන විවිධ කථා මමත් අහලා තියෙනවා. 

ඔය විදිහට සංසාරගත ආදරය කරන කෙනා හමු වුවහොත් අඳුනගන්නේ කොහොමද කියලා හිතලා තියෙනවද? කවුරුවත් භවයෙන් භවය එක වගේ පෙනුමට ඉන්නවනං සහ පහුගිය භවයේ කෙනාගේ හැඩරුව මතකනම් ඉතින් අඳුණගන්න එක ප්‍රශ්ණයක් නැහැ. අපිට තියෙන හඳුනා ගැණීමේ ආයතන තියෙන්නෙ ඇස්, කන්, නාසය, රස, ස්පර්ශය සහ විඥ්ඥාණය කියන ඒවනේ. පෙනුම වෙනස් වෙන නිසා ඇස් වලින් බැහැ, අර බල්ලන් හොයනව වගේ සුවඳින් හොයන්නත් ටිකක් අමාරුයි මොකද විවිධාකාර සුවඳ විලවුන් නාන නිසා, ස්පර්ශ කරල හොයන්න වෙන්නැති සමහර අය බස් වලදි කාන්තාවන්ගේ ඇඟේ ගෑවෙන්නේ, විඥ්ඥාණය කියන එක ගෑණු පරාණයක් දැක්කම වාශ්ප වෙලා යනවනේ. 


ඔය අඳුන ගන්න විදිහ ගැන මම විහිළුවට වගේ උපකල්පනයක් කරොත් අඳුණ ගන්නේ කට හඬින් කියලා. කීදෙනෙකුට විතර හිනා යයිද දන්නේ නැහැ. මේ උපකල්පනයට පසුබිම් කථාවක් තියෙනවා. ඔය බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල රජකෙනෙක් රජකම් කරන සංදියේ මගෙත් ආදර කථාවක් තිබුණනේ. ඒ ආදර අන්දරය 'අති සාර්ථක' වෙලා එයා වෙන කෙනෙක් එක්ක විවාහ වුනානේ. ඒ දෙන්න විවාහවෙලා මාස කිහිපයකින් විදේශ ගත වුනා. ඊලඟ අවුරුදු හතක විතර කාළෙදි එයා ගැන කිසිම විස්තරයක් දැනගන්න අද තියෙන ක්‍රම සහ විදි තිබුණේ නැහැ. ආදරේ කරල තියෙන අය දන්නවනේ ඉතින් ඔය කාළයක් නොදැක නොඇසී හිටියට ඔව්ව ලේසියෙන් අමතක වෙන්නෙ නැහැනේ.



Friday, October 9, 2015

සිත් ඇදගන්නා ගීතයක්

එෆ් එම් නාලිකා හරහා කෘතිමව ගීත ජනප්‍රිය කරවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන අවධියක හොඳ ගීත වැඩි දෙනෙකුට නොඇසී යන්නට ඉඩ තියෙනවා. අහම්බෙන් අහන්නට ලැබිලා හිත පැහැරගත් නාමල් උඩුගමගේ අඳුරක් අඳුරින් ගීතය සහ කාලෝ ෆොන්සේකා ලියූ කොයිද කියා මන්ඳ කියා ගීත දෙක ගැන කළින් පෝස්ට් දෙකක් දැම්මා. 

මේ පෝස්ට් එකත් අවුරුදු නමයකට විතර පෙර ආපු ගොඩක් දෙනෙක් අහල නැති ගීතයක් ගැනයි . මට මේ ගීතය ලඟදි ඇහිලා එක පාරින්ම හිත ඇදිලා ගියා. මේ ගීතයේ වඩාත්ම සිත්ගන්නේ එහි පද රචනය. මේක ලියල තියෙන්නේ වෛද්‍යවරයෙක් වන රනිල් ජයසේන. ගොඩක් වෛද්‍යවරුන්ට විවිධ කලා හැකියා තියෙන බව මම දන්නා අය අතරින් එන්න පුළුවන් නිගමනයක්. බ්ලොග් කියවන්න පටන් ගත්තම තේරුණා ඉංජිනේරුවරුන්ටත් ඒ වගේම කලා හැකියා තියෙනවා කියල. කොහොම වුනත් මේක ලියල තියෙන්නේ දොස්තර රනිල් ජයසේන. ඔහු ලියපු ගී කිහිපයක් තිබුණත් මගේ හිත ගියේ මේ ගීතයට විතරයි.

Thursday, October 1, 2015

අපේ රට හොඳයි


ජාත්‍යන්තර ළමා දිනය ගැන ලියවෙන බොහෝ ලිපි වළින් කියැවෙන්නේ සේයා දැරිය මරා දැමූ රටේ එවන් දිනයක් සැමරීම විහිළුවක් බවයි. මෙවන් හැඟීම් ඇතිවීමට හේතු වන්නේ අද අපි තොරතුරු යුගයක විසීමත් එම යුගයේ මාධ්‍ය වල  වාර්ථාවන්නේ කුමන ප්‍රවෘත්තිද සහ වාර්ථාකරන්නේ කුමන ප්‍රවෘත්තිද යන්න වීම නිසා මිසක අපේ රට දරුවන්ට නොසලකන හෝ දරුවන් අපචාරයට ලක්වන තෙක් ඇහැ කන පියාගෙන සිටින රටක් බවට පත්වී ඇති නිසා නොවේ. 

එක් විත්‍යා කෙනෙකු පැහැරගෙන දූශණය කර මරා දමන විට තවත් විත්‍යාලා දහසක් තම සෝවිරියන් මෙන් පරිස්සම් කරන තරුණයන් ඉන්නට පුළුවන. ඔවුන් ගැන කියන්නට මාධ්‍යට අවස්ථාවක් හෝ  ඕනෑකමක් නැත. 2013 දී පෙන්සිල්වේනියා

Wednesday, September 30, 2015

හදවතට සමීප ගීතයක්


සාමාන්‍යයෙන් ඇසෙන ගීත වලට පපුව  ඇතුලට කාවදින්නට සමත් වුන ගීත කිහිපයක් මට ඇහිල තියෙනවා. ඒ සින්ඳු ඇහෙන කොට මට ඇතිවන්නේ විස්තර කළ නොහැකි සමීප බවක්. ඒවගේ එක ගීතයක් ගැන මීට කලින් පෝස්ට් එකක් දැම්මා.වැඩි දෙනෙක් ඒක බලල තිබුණේ නැහැ. කැමතිනම් ඒක සින්ඳුව අහලම ඉන්න.

මේකත් ඒවගේම ගීතයක්. මේක එච්චර ජනප්‍රිය වෙච්ච ගීතයක් නෙමෙයි. මේ ගීතයේ පදමාලාවත් ගායන ශෛලියත් මගේ හිත ඇතුලටම කාවැදුනා. මේක ලියල තියෙන්නේ ගොඩක් වෙලාවට පිස්සු කථා කියන එහෙම නැත්නම් පිස්සු වැඩ කරන මහාචාර්‍යය කාලෝ ෆොන්සේකා මහත්මයා. මාතලන් ගේ සින්ඩියේ කාලෝ ගැන මෙහෙම ගාථාවක් 'අර්ථ දැක්වීමක්' තාමත් තියෙනවා.

                               මාර වස්සෙකි කාලෝ න
                               පස්ස ගස්සන්න හේතු ච
                               පිච්චු සම්පත්ති කාළේ න
                               රාජා නැවත වර ය කෝ...

Monday, September 21, 2015

පිය සෙනෙහස

මේ දවස් වල තාත්තලා ගැන පෝස්ට් කීපයක් කියවන්න ලැබුණා.  මස් රොටි ඉල්ලලා ගේ දෙවනත් කරමින් අඬපු තිලක සිතටත් මස් රොටිය ලැබුණේ තාත්තා නිසා. මගේ සිත් ගත් තව කථාවක් තමයි ගුරුවරයෙකු නොවුනත් ගුරුවරයෙකුට එහා ගිය දැනීමක් ලබා දුන් තාත්තා කෙනෙක් ගැන Dude ගේ මේ පෝස්ට් එක.  තව එකක තිබුණේ ගෙදර එනකොට ටොෆී ගේන්න අමතක වෙලා තාත්තා ආපහු හැතැක්ම දෙකක් ආපහු පයින්ම ගිහිල්ලා ටොෆී අරගෙන එන එකක් ගැන. කොයි බ්ලොග් එකද කියල මතක නැති නිසා හම්බුවුනාම ලින්ක් දාන්නම්අපි හැමෝම ඒ අතින්  වාසනාවන්තයි. අපේ ළමා කාලයේදී අතේ එල්ලිල යන්න නැත්නම් අර බස්සි වගේ ඇඟිල්ලක එල්ලිලා යන්න, තරුණ කාළයේදී අපි කරන පිස්සු වැඩත් එක්ක ඔට්ටු වෙන්න, අම්මලාගෙන් එන ගෝරි වලින් අපිව ශේප් කරල දෙන්න ආදී වශයෙන් අපේ ජීවිතේ තාත්තා කෙනෙක් හිටපු නිසා එක එක සුන්දර අත්දැකීම් තියෙනව. මගේ තාත්තත් මගේ ක්ශේත්‍රයට සම්බන් ක්ශේත්‍රයක හිටපු නිසා මම රස්සාව කරන්න පටන් ගන්න කාළේ මාව ගොඩක් දෙනෙක් දන්නෙ 'අහවලාගෙ පුතා' හැටියට. මමත් ඉතින් පිස්සු වැඩ කරල අහුවුණාම බේරෙන්න ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත.

Thursday, September 17, 2015

මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු


නිදහස් සිතුවිලි බ්ලොග් එකේ රවි, චෙටන් භගට් ගේ 2 States - Story of My Marriage  පොත පරිවර්ථනය කරමින් ලියන  කථාවේ පන්ජාබි තරුණයෙකු සහ තමිල් බ්‍රහ්මින් තරුණියක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවක් ගැන කියවෙනවා. කථාවට කියනවනේ මහ බ්‍රහ්මය තමයි ඔය කූල් එකේ ඉන්න තරුණ කට්ටිය එකිනෙකා ගැන ආකර්ෂණයන් ඇති කරල නිදහසේ පියාඹගෙන හිටපු උන්ව අමාරුවේ දාන්නෙ කියල. මෙයා එහෙම කරනව විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්නේ දිවි නහගන්න වෙන ජෝක්ස්. 

Tuesday, September 8, 2015

තමන්ගේ සතුට අනුන්ට භාරදීම


මට මේක ලියන්න හිතුනේ ඔමායාගේ හීන බ්ලොග් එකේ Why don't my children ever call me? පෝස්ට් එක කියෙව්වමයි.

ඔමායාගේ පෝස්ට් එකේ තිබුණේ තමන්ගේ දරුවන් තමන්ට කාලෙකින් කථා නොකිරීම නිසා දුකට පත්වූ පියෙක් ගැන. මේ වගේ කථාවලින් අපිට අපේ දෙමව්පියන්ට කථා කරන්න මතක් වෙන එක බොහොම හොඳයි. අපට මතක් වියයුතුම අනික් කරුණ වන්නේ අපිත් තව ටික කාළෙකින් ඔය තත්ත්වයට පත්වෙනවා කියන එක.

Thursday, August 27, 2015

මෛත්‍රීය ගැන කියවෙන කන්කළු ගීතයක්.


මෛත්‍රීය ගැන කියවෙන කන්කළු ගීතයක්.

නාමල් උඩුගම ගයා ඇති "අඳුරක් අඳුරින් මේ ලොව කිසිදා නිමවන්නේ නැහැ" ගීතය එතරම් ජනප්‍රිය වී නොමැති බව මගේ හැඟීමයි. අවුරුදු කිහිපයකට පෙර ගායනා කර තිබුණත් මට මෙය අහම්බෙන් හමු උනේ බොහොම ලඟදියි. මෙයින් කියවෙන පණිවිඩය ඉතා සරලයි. දන්නා විදිහට මෙය නිර්නාමිකව ලියා ඇත්තේ බෞද්ධ හිමිනමකි.

Friday, August 14, 2015

වාහන පාවිච්චි කිරීමේදී අපිට වරදින තැන්



වාහන පාවිච්චි කිරීමේදී ප්‍රයෝජනවත් වන කරුණු කිහිපයක් ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි. විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත් ලංකාවේ ජීවත් වන සමහර අයට සමහර කරුණු ගැන වැරදීම් සිදුවෙන බව ඔබත් දැක තිබෙන්නට පුළුවන. එවන් කරුණු කිහිපයක් ගැන කථා කිරීමට අදහස් කරමි. අඩුම වශයෙන් එක් අයකුට හෝ ප්‍රයෝජනවත් වුවහොත් මගේ උත්සාහයට වටිනාකමක් තිබීමට ඉඩ ඇත.


Monday, June 15, 2015

මගේ ආදර කථාව ගීතයකින්



පහු ගිය දිනවල අනික් බ්ලොග් කියවනකොට තේරිච්ච දෙයක් තමයි හැමෝගෙම හරිගිය නැති පරණ ප්‍රේම කථාවක් තියෙන බව. මගේ අනුමානය නම් අඩුම ගණනේ 60% කට විතර තමන් ආදරය කරපු කෙනාම විවාහ කරගන්න වෙන්නේ නැහැ. ඒ හැමෝටම වගේම මටත් ආදර කථාවක් තිබුණා. මට සිද්ද වුනේ දෙමව්පියන්ගේ බල කිරීම මත මගේ ආදරයට සමුදෙන්න. මට තනි තීරණයක් ගන්න කොන්ද පණ තිබුනේ නැති නිසා ඒ කාලේ හිටපු අපේ පොදු යාළුවෝ ඔක්කොම වගේ මගෙත් එක්ක තරහ උනා.

Tuesday, May 19, 2015

BRIDGING THE GAP IN HIGHER EDUCATION


By Ian


In the last 50 years Sri Lanka has made huge strides in the primary and secondary education. My estimate is that at least 90% or more of children of school going age are attending schools. Everything changes once the students sit for Advance Level Examination. For over 300,000 who sit for Advanced Level only 25,000 or so get admitted to the Universities.

Considering the better organized nature of the school system they could do more on the issues such as youth unemployment and lack of technically qualified personnel in the country. One way forward would be to in concurrence with the National Universities, Technical colleges (such as NIBM, Nursing Schools and German Tech) the Ministry of Education through the National Schools to introduce one & two years certificate level courses in areas few areas. This would be areas that require mostly class room training such as Accounting & Finance, Marketing Management, Human Resources Management, Sales Management, Supply & Logistics Management, Banking, Insurance, Leasing, Laboratory Technology, Basic levels of IT such as graphic design, etc and also areas that require limited practical training such as Motor Mechanism, Use of heavy machinery, Agriculture and Food processing, performing arts etc. This would enable the students after their A-Levels to continue in vocational training in the school system and obtain a certificate level qualification.