Saturday, February 11, 2017

අපි යමු ඉදිරියටම !!!!!

බුරන හැම බල්ලාටම ගල් ගැසීමට ගියොත් ඔබගේ ගමනාන්තය කරා ලන්ගා වීම අපහසු වනු ඇත.

සිංහල බ්ලොග් අවකාශයේ සාපේක්ෂව නවකයෙකු වුවත් ජීවත් වී ඇති කාලය අනුව සමාජය ගැන පළපුරුද්දක් ඇති කෙනෙකු හැටියට නෙළුම්යාය බ්ලොග් සම්මාන ගැන ලඟකදී ඇතිවූ කථාබහ ගැන මා බලා සිටියේ ඉමහත් පිළිකුලෙනි. මුදල් ඇති වුන්, නැතිවුන්, තරුණයන්, වයසක අය, ආදී වෙනස්කම් වලින් තොර සමාජයක් වූ බ්ලොග් අවකාශයේ සැරිසැරූ කුඩා කාලය තුල ලත් අත්දැකීම් වලින් ජීවිතයේ අන් කටයුතු හරහා ලබා ගත් සතුට මෙන්ම සතුටක් මම ලැබුවෙමි. සාමාන්‍ය සමාජයේ අය අපට හමුවන්නේ  පුද්ගලයා ප්‍රථමයෙන් සහ ඔහුගේ හැකියාවන් පසුව බැවින් හැකියාවන් පළමුවෙන් දැක ඒ පිටිපස සිටින පුද්ගලයන් දැන හඳුනා ගැනීමට ලැබීම නැවුම් එමෙන්ම සතුටුදායක අත්දැකීමක් විය.

Friday, February 3, 2017

සයිටම් නඩු තීන්දුව ගැන ‘ආනුභාවනන්ද‘ ලියයි (Lankaenews)

හොරෙක් (GMOA)

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.02, ප.ව.9.30) සටනින් තොර ජයග්‍රහණයක් නැත. මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමේ අවස්ථාව සලසා දුන් අභියාචනාධිකරණ තීන්දුව දැවැන්ත සටනක විශිෂ්ඨ ජයග්‍රහණයකි. සයිටම් සිසුන්ගේ ජයග්‍රහණයකට වඩා එය “අධ්‍යාපනයේ නිදහස“ පිළිබඳ ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයට දායක වීමට හැකි වීම පිළිබඳ අපි ආඩම්බර වෙමු. මෙය දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ ජයග්‍රහණයක් වශයෙන් හඳුන්වාදීමට බොහෝ දෙනෙක් උත්සාහ ගත්ත ද ඔහු මේ සටනින් පලා ගියේ බොහෝ කලකට පෙර ය. ඔහු සිය ශික්ෂණ රෝහල මෙන්ම සයිටම් ආයතනය ද රජයට බාර දී අත සෝදා ගැනීමට තීරණය කර ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයන්ද කර තිබිණ. මෙම සටන ඉදිරියට ගෙන ගියේ සයිටම් ආයතනයේ සිසුන්, දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය සහ ‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් පෙනී සිටි පුරවැසියන් විසින් බව එම සටනට සහභාගී වූවන්ගේ ගෞරවය වෙනුවෙන් සටහන් කළ යුතුය.