Sunday, October 22, 2017

දරුවන් සමඟ අත්දැකීම් 1

මේ පෝස්ට් එක ලිවීමට හිතුනේ නයනේගේ මේ පෝස්ට් එක  කියවීමෙන්. එහි අදහසෙන් වෙනස් වුණත් මගේ කුඩා කාලයේ අත්දැකීම් සහ මගේ දරුවන් සමඟ අත්දැකීම් කිහිපයක් ඇසුරෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණ නිසා කුඩා ළමයින් සිටින අයගේ ප්‍රයෝජනයට උපදෙස් ලෙසින් ලියනවා. 

අපේ සමාජයේ විවිධ අංශ වල දැනීම, උපාධි ආදිය ලබා ගැනීමට හැකියාව තිබුණත් ජීවිතය ගෙනයාමට අවශ්‍ය දැනීම ලැබෙන අවස්ථාවල් ගොඩක් අඩුයි. එම නිසා අපි බොහෝ දෙනෙක් ජීවිතය ගෙනයන්නේ අත්හදා බැලීම් කරමිනුයි. එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියන් කරන දේවල් දැකීමෙන් මේදේ හරි හෝ වැරදි යැයි ලැබුණු 'පුහුණුවෙන්'. මේ ක්‍රමයෙන් දිවි ගෙවීමෙන් එයින් වන වාසි සහ අවාසි වන්නේ අපටම නිසා ඒකෙන් කාටවත් ගැටළුවක් නැති යැයි ඔබට හිතෙන්න පුළුවන්. ඔබ ජීවිතය ගෙවන්නේ තනියම නම් එය බැලූ බැල්මට වරදක් නැහැ. ඔබ විවාහක කෙනෙක් නම් ඔබ ඔබ හරි යැයි හිතන ආකාරයට ජීවත් වීමෙන් ඔබගේ සහකරුට හෝ සහකාරියට කරදරයක් වෙනවානම් එයට ඔවුන් අකමැතිනම් ඔබව අත්හැරයාමට ඔවුන්ට හැකියාවක් තිබෙනවා.