Sunday, November 19, 2017

ලංකා ඊ නිව්ස් -2017.නොවැ.18, ප.ව‍‍‍‍.2.15) ජනාධිපතිවරයා ගේ ජනමාධ්‍ය මර්දනය පිලිබඳ ප්‍රකට මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අකෘතඥකමේ සීමාවක් තිබිය යුතු යැයි පවසයි. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.  

පෝද්දල ජයන්ත
[email protected]
12 - 11- 2017
ශ්‍රී ලංකා ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ
ශ්‍රී ලංකාව
මහත්මයාණෙනි.,

අකෘතඥභාවයේද සීමාවක් තිබිය යුතුය.

මහින්ද රාජපක්ෂ ඒකාධිපති පාලන සමයේ එහි නිත්‍ය කොටස් කරුවෙකුව සිට ඔබ ඉන් පිටතට පැමිණියේ, එහි වූ දුර්දාන්ත පාලනය, මනුෂ්‍ය ඝාතන, පැහැරගෙන යෑම්, මහා පරිමාණ වංචා දූෂණ, ජනමාධ්‍ය මර්දනය ඇතුළු දහසකුත් එකක් අපරාධ ඉවසා දරා සිටීමට නොහැකිම තැන යයි පළමු ජනමාධ්‍ය හමුවේදීම රටට කියා සිටියේ ය.

Tuesday, November 7, 2017

ඇමරිකාව යුද නැවක් නොමිලේ ලබා දීම නිසා රුසියානු පරණ යුද නැව් ඩීල් එකට කණ කොකා හඬයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.11.30) මෛත්‍රී -මහාරාජා කූඨ කට්ටුව විසින් දැවැන්ත කොමිස් කුට්ටියක් ඩැහැ ගැනීම සඳහා මිලදී ගැනීමට ගිය රුසියානු පරණ යුද නැව් ඩීල් එකට කණ කොකා හඬා තිබේ.  
ඇ.ඩො. මිලියන 88 ක් හෙවත් රු. කෝටි 13,464 ක් රටට පාඩු කරමින් ඇ.ඩොලර් මිලියන 135 ක් වියදම් කර අති විශාල කොමිස් කුට්ටියක් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ‘එපා එපා‘ යයි කියද්දී නාවික හමුදාපතිවරයා ද මාස දෙකෙන් ගෙදර යවා නියම වටිනාකමට වඩා දෙගුණයක පමණ අධික මිලකට රුසියාවෙන් Gepard Frigate class පරණ යුද නැවක් මිලදී ගැනීමට තටමද්දී ඇමරිකාව විසින් ලංකාවේ වෙරළ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියළු අංගෝපාංග වලින් සමන්විත (හෙලිකොප්ටර්, හෙලි පෑඩ්) නවීන  තාක්ෂණයෙන් යුත් Secretary Class High Endurance Cutter වර්ගයේ වෙරළාරක්ෂක නෞකාවක් නොමිලේ ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.